ඇමරිකාවෙන් චීනයට 500%ක තීරුබද්දක්

Report

එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයින් 85 දෙනෙකු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට බලය ලබාදීමට සූදානම් බව භාණ්ඩාගාර ලේකම් බෙසන්ට් පවසයි.

ඔහු සඳහන් කළේ, රුසියානු තෙල් මිලදී ගැනීම් අඛණ්ඩව සිදුකිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බවයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (15) නිකුත් කළ ප්‍රකාශයකදී ලේකම්වරයා කියාසිටියේ, නව තීරුබදු පැනවීමෙන් ලැබෙන ආදායම යොදාගෙන “යුක්රේන විජයග්‍රාහී අරමුදලක්” පිහිටුවා යුක්රේනයේ යුධ කටයුතු සඳහා ආධාර කිරීමේ සැලැස්මක් ද ඇති බවයි.

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?

මෙම පියවර ක්‍රියාත්මක වුවහොත්, එය එක්සත් ජනපද–චීන වෙළඳ සබඳතා ඉතිහාසයේ අලුත්ම උත්සන්න තත්ත්වයක් බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙති.

ඒ සමගම, මෙවැනි තීරුබදු ක්‍රියාමාර්ග ගෝලීය තෙල් වෙළඳපොළට සහ ජාත්‍යන්තර වෙළඳාමට දැවැන්ත බලපෑම් ඇති කළ හැකි බවත් දක්වා ඇත. විරුද්ධ ප්‍රතිචාරයක් ලෙස චීනය තීරුබදු වැඩිකිරීම් සහ සැපයුම් දාම බිඳීමක් කරනු ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

කොළඹ වසාගත් දරුණු රෝගයක්

කොළඹ වසාගත් දරුණු රෝගයක්