මැදපෙරදිග සටන් විරාමයක් පේන තෙක් මානයක නැත - ඉරාන ධජය සහිත නෞකාවකට හෝමුස් තරණයට අමෙරිකාව බාධා කරයි
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව ඇත.
මේ අයුරින් ආපසු හරවා යාවා ඇති නෞකාව ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත තවද මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ USS Spruance (DDG-111) නෞකාව මඟිනි.
මෙම නෞකා දෙක සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 10ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව සදහන් වෙයි .
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින තුනක් ගතවී ඇති බව වාර්තා වේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් ප්‍රවාහය (සමස්තයෙන් 20%ක් පමණ) පාලනය කරමින් ඉරානයට පීඩනයක් එල්ල කිරීම මෙම අවහිර කිරීමේ අරමුණ බවට පත්ව තිබේ.
අමෙරිකානු හමුදා පවසන්නේ, මෙම මෙහෙයුම සඳහා සෙබළුන් 10,000කට වැඩි පිරිසක්, යුද නැව් 12කට අධික ප්‍රමාණයක් සහ ගුවන් යානා රැසක් යොදාගෙන තිබෙන බවයි.
තවද ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමූස් හරහා ගමනාගමනයට අවසර හිමිව ඇත.