අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක් , 400 දෙනෙකුට වැඩ වරදී

Report

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කර තිබේ.

අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදුකළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබෙන බව එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සදහන් කර ඇත.

මෙහිදී එතුමා සදහන් කළේ සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් ආහාර අලෙවි කිරීම හා කල්ඉකුත් වූ ආහාර අලෙවි කිරීම ආදී වූ වැරදි යටතේ මෙම වෙළෙඳසැල් සඳහා නීතිමය පියවර ගත් බවයි.

 මෙවැනි වැටලීම් වෙසක් සහ පොසොන් උත්සවය මුලික කරගනිමින්ද සිදුකිරීමට නියමිත බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා තව දුරටත් සදහන් කර තිබේ.

අද සිට ජනතාවට සුභ ආරංචියක් - දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය ඉහළට

අද සිට ජනතාවට සුභ ආරංචියක් - දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය ඉහළට