වෙනිසියුලාවේ සිටින අමෙරිකානුවන්ට වහාම පිටවන ලෙස අමෙරිකාව කියයි

Report

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස දැනුම් දී ඇත.

එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසත් මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන   බව වාර්තා වේ .

යුධ ගිනි මැද රුසියාවේ තෙල් ගබඩාවකුත් ඇවිලෙයි - විශාල ගින්නක්

යුධ ගිනි මැද රුසියාවේ තෙල් ගබඩාවකුත් ඇවිලෙයි - විශාල ගින්නක්

තවද පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බව තානාපති කාර්‍යාලය සදහන් කර ඇත.

ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙස  දන්වා තිබේ. 

සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇගවීමක් - හේතුව මෙන්න

සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇගවීමක් - හේතුව මෙන්න

තවද සංචාරය සඳහා වෙනිසියුලාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරට සංචාරය කිරීමෙන් වළකින ලෙසත් දන්වා තිබේ.

   ඒ වගේම එරට පිහිටි තානාපති කාර්යාලය දන්වා ඇත්තේ වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සන්නිවේදනය සඳහා වූ බහුවිධ ක්‍රම ස්ථාපිත කරගත යුතු බවයි.  

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි