යුධ ගිනි මැද රුසියාවේ තෙල් ගබඩාවකුත් ඇවිලෙයි - විශාල ගින්නක්
By Kaushi
යුක්‍රේනය මඟින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව එම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.
එසේ වුවත් අවට ජීවත් වන පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය මෑත මාසවලදී රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන බවයි.
එමෙන්ම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ග්‍රිනිච් වේලාවෙන් 0600 වන විට තම ගුවන් ආරක්ෂකයින් මඟින් යුක්‍රේන ඩ්‍රෝන යානා 67ක් බිම හෙළා ඇති බවයි.