අද මේ කාර්යාලය වසයි - දෛනික සේවාවන් සහ සාමාන්‍ය කාර්යාල කටයුතු සිදුනොකරන බවට නිවේදනයක්
අද (12) දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.
ඒ එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන 'කොලම්බස් දිනය' (Columbus Day) හේතුවෙන්.
එබැවින් මෙම නිවාඩු දිනයේදී තානාපති කාර්යාලයේ දෛනික සේවාවන් සහ සාමාන්‍ය කාර්යාල කටයුතු සිදුනොකරන බව දැනුම් දී ඇත.
එසේම 2026 ඔක්තෝබර් 13 වන අඟහරුවාදා, එනම් හෙට දින සිට සාමාන්‍ය පරිදි කටයුතු නැවත ආරම්භ වන බව දන්වා තිබෙනවා.