රුපියල යළි නැගිටියි - ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම විනිමය අනුපාත මෙන්න

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (16) මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 335ත් 336ත් අතර පරාසයක පවතී.

සෙලාන් බැංකුවේ විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 326.95ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.20ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය පෙර දිනයේ පැවති රුපියල් 326.65 සිට රුපියල් 326.60 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 335.65 සිට රුපියල් 335.60 දක්වා අඩු වී තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 327.07ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 335.18ක් ලෙසත් නොවෙනස්ව පවතී.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 325.09ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 335.00ක් ලෙස සටහන් වී තිබේ.

එම අනුපාත දෙකෙහිම වෙනසක් වාර්තා වී නොමැත.

මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 327.25 සිට රුපියල් 327.00 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 335.25 සිට රුපියල් 335.00 දක්වා අඩු වී තිබේ.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

නාමල් සහ ජානකී නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

නාමල් සහ ජානකී නැවතත් රක්ෂිත බන්ධනාගාරයට