වසර 23ක හමුදා මෙහෙයුම් නිමා කරමින් අමෙරිකානු බලඇණි ඉරාකයෙන් ඉවත් වෙයි

Report

2003 වසරේ සිදු වූ ආක්‍රමණයත් සමඟ ආරම්භ වූ අමෙරිකානු හමුදා බලඇණි ඉරාකයේ රැඳී සිටීම අවසන් කරමින්, සියලුම අමෙරිකානු සෙබළුන් එරටින් ඉවත් වීම සම්පූර්ණ කර තිබේ.

ඉරාකය සතුව මහා විනාශකාරී ආයුධ පවතින බවට චෝදනා කරමින් අමෙරිකාව විසින් එරට ආක්‍රමණය කරනු ලැබුව ද, පසුව කරන ලද පරික්ෂණවලදී එවැනි කිසිදු ආයුධයක් සොයා ගැනීමට හැකි වූයේ නැත.

අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

වසර 23ක් පුරා පැවැති මෙම අමෙරිකානු හමුදා රැඳී සිටීම අතරතුර, එවකට ඉරාක ජනාධිපති ලෙස කටයුතු කළ සදාම් හුසේන් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට මරණ දඬුවම ද නියම කර ක්‍රියාත්මක කෙරිණි.

මෙම පූර්ණ ඉවත් වීමත් සමඟ ඉරාකය තුළ පැවැති දීර්ඝකාලීන අමෙරිකානු හමුදා මෙහෙයුම් නිල වශයෙන් අවසන් වේ.

මහ බැංකුවෙන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න

මහ බැංකුවෙන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න