මැදපෙරදිගම ආයෙම අවුලමින් අමෙරිකානු යානය කඩා වැටීමේ සිද්ධියේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනී

Report

අමෙරිකානු හමුදාවට අයත් 'Boeing KC-135 Stratotanker' යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ සිදුවීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් මේ වනවිට භාරගනෙ තිබේ.

ඉරානයට එරෙහි මෙහෙයුමට සහභාගී වූ අමෙරිකානු ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස කඩාවැටීම ළක්විය.

එහි ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා දින සදහන් කර තිබේ .

මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බව එහිදී ඔහු සදහන් කර තිබුණි.

ඉන්ධන පිරවුම් අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ - හමුදාවෙන් නිවේදනයක්

ඉන්ධන පිරවුම් අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ - හමුදාවෙන් නිවේදනයක්

 ඒ අනුව ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන 'The Islamic Resistance ​in Iraq' මෙම යානය බිම හෙළීමේ වගකීම භාරගෙන තිබෙන බව වාර්තා වේ.

තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා KC-135 ගුවන් යානයට වෙඩි තැබූ බව එම කණ්ඩායම නිකුත්කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

  කඩාවැටුණු යානයේ අවම වශයෙන් කායර් මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිටි බවද වාර්තා වේ  .

මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

වගා හානි වන්දි මුදල් ගැන ඇහෙන අලුත්ම සුබ ආරංචිය

වගා හානි වන්දි මුදල් ගැන ඇහෙන අලුත්ම සුබ ආරංචිය