නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින්ගේ අලුත්ම තත්වය. - (VIDEO)

Report

ඊයේ (30) දිනයේ 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගාලු මුවදොර ආරම්භ කෙරුණු පෙරහුරුව අතරතුර පැරෂුටයෙන් ඇද වැටුණු හමුදා භටයන් හතරදෙනාගෙන් තුන්දෙනෙකුගේ අස්ථි බිඳීම් සිදුව අත්බි බවයි වාර්තා වන්නේ.

එහිදී ගුවන් හමුදා භටයන් දෙදෙනෙකු සහ යුද හමුදා භටයන් දෙදෙනෙකු මෙහිදී තුවාල ලැබූ අතර, එක් ගුවන් හමුදා භටයෙකුගේ පාදයක අස්ථියක් බිඳී ඇති අතර අනෙක් භටයාගේ උකුල් ඇටයට හානි සිදු ව ඇත.

නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින්ගේ අලුත්ම තත්වය. - (VIDEO) | Update On Paratroopers

ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ යුධ හමුදා පැරෂුට් භටයින් දෙදෙනා නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින්ගේ අලුත්ම තත්වය. - (VIDEO) | Update On Paratroopers

ඔවුන් අඩි අට දහසත් - දස දහසත් අතර ඉහළ අහසේ සිට පැරෂුට් රැගෙන බිමට පැන ඇති අතර, එක් භටයෙකුගේ පැරෂුටය තවත් හමුදා භටයෙකුගේ පැරෂුටයක පැටලීමෙන් ඔවුන් දෙදෙනා ඇද වැටුණේ ගාලු මුවදොර පිහිටි තරු පහේ හෝටලයක ගොඩනැගිල්ලක වහලය මතටයි.

නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින්ගේ අලුත්ම තත්වය. - (VIDEO) | Update On Paratroopers

නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින්ගේ අලුත්ම තත්වය. - (VIDEO) | Update On Paratroopers

අනෙක් පැරෂුට් භටයින් දෙදෙනා ගාලු මුවදොරපිටියට ඇද වැටුණු අතර අනතුරුව ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටයි අසළ සිටි භට පිරිස් පියවර ගනු ලැබුවා. 


                                                                                            Sponsored By Sarrita Jewellery

නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට්වලින් වැටුණු හමුදා භටයින්ගේ අලුත්ම තත්වය. - (VIDEO) | Update On Paratroopers