උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Report

අද (29) උදෑසන කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හාලිඇල සහ බදුල්ල දුම්රිය ස්ථාන අතරදී පීලි පැන ඇත.

මෙම සිදුවීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියවලට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය, හාලිඇල දුම්රිය ස්ථානය පසු කර බදුල්ල දුම්රිය ස්ථානය වෙත ලඟා වෙමින් තිබියදී, එන්ජින් දෙකකින් සමන්විත මෙම දුම්රියේ ඉදිරි එන්ජිම පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 8.00ට ධාවනය වීමට නියමිත ඇල්ල ඔඩිසි, උදෑසන 8.50ට ධාවනය වීමට නියමිත අංක 1006 පොඩිමැණිකේ, උදෑසන 10.20ට ධාවනය වීමට නියමිත අංක 1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු දුම්රියවල ධාවන කාලසටහන් ප්‍රමාද වන බවත්, පීලි පැනුණු දුම්රිය එන්ජිම පිළිසකර කිරීමට බදුල්ල දුම්රිය ස්ථානයෙන් සේවකයින් පිරිසක් යවන බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් පැවසීය.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.