බාල ගල් අඟුරු ගේන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවේ නෑ නාමල්ගෙන් චෝදනා

Report

බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

 කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ අවසානයේ ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනවිත් ඒ පීඩනය ජනතාව මත පැටවූ බව එතුමා ප්‍රකාශ කරයි

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්   

"අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා.ඒවා හරවලා යැව්වා. ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ. අහන්නෙම නෑ නේ