උතුරේ පාසල් ළමුන්ට සුබ වෙයි - රුපියල් මිලියන 78.5ක වියදමින් කළ දේ
උතුරු පළාතේ දුෂ්කර පාසල්වල අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් රුපියල් මිලියන 78.5ක වියදමින් ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ඉකුත් දා මුලතිව්හිදී සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා තිබුණා.
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර, මුලතිව් පුදුකුඩිරිප්පු රෝමානු කතෝලික විද්‍යාලයට සහ වැලිඔය ඇතාවැටුණුවැව විද්‍යාලයට මෙම පහසුකම් හිමිව තිබුණා.
ඒ අනුව පුදුකුඩිරිප්පු රෝමානු කතෝලික විද්‍යාලය සඳහා රුපියල් මිලියන 40.5ක වියදමින් අංග සම්පූර්ණ පංතිකාමර සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර, වැලිඔය ඇතාවැටුණුවැව විද්‍යාලය වෙනුවෙන් රුපියල් මිලියන 39ක වියදමිනුයි තවත් නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පෙන්වා දුන්නේ, වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසර දෙක තුළ උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
එමෙන්ම නාගරික පාසල්වලට පමණක් නොව, ග්‍රාමීය සහ දුෂ්කර පාසල්වලට ප්‍රමුඛත්වය ලබාදීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, එමඟින් අධ්‍යාපන සමානතාවය ශක්තිමත් කිරීමට හැකිවන බවත් ඔහු ප්‍රකාශ කළා.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලගනාදන් සහ එම්. ජගදීස්වරන්, උතුරු පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් පැට්‍රික් නිරංජන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ මාපියන් විශාල පිරිසක්ද එක් විය.
කෙසේ වෙතත් මෙම නව ගොඩනැගිලි ඉදිකිරීම තුළින් උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයට පිවිසීමට නව දොරටු විවෘත වන අතර, එය ප්‍රදේශයේ අනාගත සංවර්ධනයටද වැදගත් පියවරක් වශයෙන් සැලකේ.