කොළඹ අක්ෂි රෝහලේ රෝගීන් වැඩිවීමෙන් තදබදයක්
By Kanchana
කොළඹ අක්ෂි රෝහලේ රෝගීන් වැඩිවීම නිසා පෙර නොවූ තදබදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
මෙලෙස පැමිණෙන පිරිසගෙන් බහුතරය වන වැඩිහිටි පුරවැසියන් වේ .
මෙම රෝහලේ වැරදි කළමනාකරණය හේතුවෙන් පීඩාකාරී තත්ත්වයන් යටතේ ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බව රෝගීන් සදහන් කරයි .
[
ඒ වගේම මොණරාගල, වවුනියාව, බදුල්ල සහ තංගල්ල වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් බොහෝ සිටියී.
ඔවුන් වැඩි පීඩාවකට පත්ව ඇත.
ඒ අනුව තොරතුරු වාර්තා වෙන්නේ උපදේශන කාමර අසල රැඳී සිටින ස්ථානවල 50 දෙනෙකුට පමණ ආසන ඇති නමුත්, රෝගීන් 150ක් පමණ පැය පහක් දක්වා සිටගෙන දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.