ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම ගැන එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි ප්‍රහාරයක් - මහනායක හිමියන්ගෙන් සමාව ඉල්ලන්නැයි රජයට බලපෑම්

Report

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

 එක්සත් ජාතික පක්ෂ සදහන් කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මඟ පෙන්වීමක් කර තිබියදී ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කිරීම හිතාමතාම ප්‍රශ්නය යට ගැසීමට සහ තව තවත් ඇදගෙන යාමට ගත් වංක ප්‍රයත්නයක් බවයි

රජයේ මේ අවස්ථාවදී පියවර එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද අදාළ නිවේදනයේ තව දුරටත් සදාහන් කරයි.

එසේම රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම බවද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සදහන් කර තිබේ 

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

Gallery