රනිල්ව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරන භූතයෝ දෙන්නෙක් ගැන රවී කට අරි

By Shehan Mar 29, 2025 05:11 AM GMT
Report

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු එම පක්ෂය චේතනාන්විතව දුර්වල කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, මෙම දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබාගෙන කටයුතු කරන බවයි.

දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කළ හැකි එකම පුද්ගලයා තමන් වුවත්, දැන් තමන්ව රැස්වීම්වලට පවා කැඳවීමකින් තොරව, පක්ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බවත් රවී කරුණානායක මහතා සඳහන් කළා.

"මෙතන ඕනෑකමින් පක්ෂය දියාරු කිරීමට දෙදෙනෙක් විසින් උත්සාහයක් දරනවා. නවීන්, රුවන්, හරීන්, මනූෂ, අකිල වැනි අය පක්ෂය ඉදිරියට ගෙන යන ආකාරයෙන් කටයුතු කරනවා. නමුත් තවත් දෙදෙනෙක් රනිල් වික්‍රමසිංහව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරලා කටයුතු කරමින් ඉන්නවා," යනුවෙන් ඔහු පැවසුවා.

අස්වැසුම පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මෙන්න වාසනාව - රු.5,000 ක මල්ල රු.2,500කට!

අස්වැසුම පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මෙන්න වාසනාව - රු.5,000 ක මල්ල රු.2,500කට!