මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන්ට සහ රිය සහායකයින්ට ඉදිරියෙදී හොදටම වැඩ වරදින ලකුණු

Report

රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් අද (05) පෙරවරුවේ කොළඹ 01, බැස්ටියන් මාවත දුර ගමන් සේවා ප්‍රධාන බස් නැවතුම්පළදී සිදු කර තිබේ.

  පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි .

ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය ගැන දිලිත් දුක් වෙයි

ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය ගැන දිලිත් දුක් වෙයි

මෙය මේ වසර තුළ මෙම ස්ථානයේ සිදුකළ දෙවන පරීක්ෂණය වේ.

  ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසියේ පූර්ණ අනුග්‍රහය මත සිදුකෙරෙන මෙම පරීක්ෂණ සිදු කරනු ලබයි තවද අදාළ පුද්ගලයන්ගේ මුත්‍ර සාම්පල ලබාගන්නා අතර දින 14 ක් ඇතුලත ඔවුන් කිසියම් අන්තරායකර මත්ද්‍රව්‍යයක් භාවිතකර ඇත්නම්, මෙම පරීක්ෂණයේදී ඒ බව සනාත වේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සදහන් කරන්නේ එසේම එක් පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරීක්ෂණය සිදුකිරීමට රජයට රු.1000 කට ආසන්න මුදලක් වැය වන අතර පුද්ගලික අංශයෙන් මෙම පරීක්සණය සිදුකර ගන්නේනම්, ඒ සඳහා රු. 5000/- කට ආසන්න මුදලක් වැයවන බවයි.

අන්තරායකර විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් ඉලක්ක කරගනිමින් මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස 02 ඇතුලත සිදුකල පරීක්ෂණ සඳහා පුද්ගලින් 1425 ක් භාජනය කර තිබේ.

ඉන් පුද්ගලයින් 65 ක් පමණ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වශයෙන් හඳුනාගෙන ඇත.

මාකුඹුර භහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, බැස්ටියන් මාවත ප්‍රුද්ගලික බස් නැවතුම, පානදුර පුද්ගලික බස් නැවතුම, මොරටුව පුද්ගලික බස් නැවතුම, පිලියන්දල පුද්ගලික බස් නැවතුම, දෙහිවල ප්‍රුද්ගලික බස් නැවතුම, මීගමුව ප්‍රුද්ගලික බස් නැවතුම සහ කොට්ටාව ප්‍රුද්ගලික බස් නැවතුම යන ස්ථාන වලදී මෙම අහඹු පරීක්ෂණ කසිදුකළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්තා අනාවරණය කරයි.

මැද පෙරදිග යුද ගැටුම් මැද ඩොලරයේ අගය ඉහළට

මැද පෙරදිග යුද ගැටුම් මැද ඩොලරයේ අගය ඉහළට

නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ මෙම පරීක්ෂණ තුළින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතකළ රියදුරන් හඳුනාගතහොත්, ඔවුන්ට ආයතනයේ නීති පද්ධතිය යටතේ උපරිම දඩුවම් පැමිණවීමට කටයුතු කරන බවත් ඉදිරියේදී දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිද්දෙන් දීපව්‍යාප්තව මෙම වැඩසටහන පූර්ව දැනුම්දීමකින් තොරව අහඹු ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

අද (05) පෙරවරුවේ පැවති මෙම අවස්ථාවට සහභාගී වෙමින් පිළිබද එතුමා සදහන් කර තිබේ .

තවද ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

“විශේෂයෙන්ම අද පරීක්ෂාවට ලක් කරන්නේ, පොදු ප්‍රවාහනයේ යෙදෙන පුද්ගලක බස්රථ රියදුරන්. මෙම ස්ථානයට පැමිණෙන සියලුම බස් රථ සියදුරන් මෙම අහඹු පරීක්ෂාවට ලක් කරනවා. මෙයින් බලාපොරොත්තු වෙන්නේ පොදු මගී බස් රථ රියදුරන් යහපත් ශාරිරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව මෙම සේවයේ යෙදවීමයි. බසය තුළ ගමන් ගන්නා මගී ජීවිත රැසක බාරකාරත්වය මෙන්ම එම මගීන්ගේ පවුල්වල යැපෙන්නන්ගේද වගකීම රියදුරන්ට පැවරෙනවා. ඒ නිසා නිරන්තරයෙන් රියදුරන් මනා මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් සිය සේවයේ යෙදවිය යුතුයි “