මෙරට භාවිතා කරන එන්නත් වර්ග 08ක් ගැන රතු එළියක්..

Ministry of Health Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka National Health Service Office of Public Health
By Aruna May 15, 2024 02:53 AM GMT
Aruna

Aruna

Report

නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කර තිබෙනවා.

අදාළ පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 8 මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රණීතා.

එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්. පී. බුද්ධරගේ යන අය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

මෙරට කොරෝනා එන්නත ලබාගත් අයට මෙන්න විශේෂ පණිවුඩයක්..

මෙරට කොරෝනා එන්නත ලබාගත් අයට මෙන්න විශේෂ පණිවුඩයක්..


මෙම නඩු විභාගය පැවැත්වුණේ, අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් කොට ඇතැයි කියා සිටියේ, පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් ඖෂධයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර එය මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් කළ යුතු බවයි.

එහෙත් වග උත්තරකාර සමාගම විසින් නිෂ්පාදන කළ එන්නත් වර්ග අටක් සඳහා මාස දෙකක් වැනි කාලයක් තුළ අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බව ද නීතිඥවරයා චෝදනා කර සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කළේ, ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවයි.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවා දායකයින් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර තිබේ.

නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රෝගීන්ට ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වුවහොත් ඊට අදාළව වෛද්‍යවරුන්ටද වගකීමක් පැවරෙන බවත් එවැනි කාරණා සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරු නඩු හබවලට මුහුණ දුන් අවස්ථාද අනාවරණය වී තිබෙන බවයි.

එබැවින් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පෙත්සම්කරු දරන ස්ථාවරය සමඟ තමන්ද එකඟවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, නිෂ්පාදනය කරනු ලබන යම් ඖෂධයක් සඳහා මාස හයක සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ නම් පමණක් බවයි.

අද ලග්න 06කට මල් 07යි..හැබැයි ලග්න 03ක අය දැඩි අවධානයෙන් ඉන්න..

අද ලග්න 06කට මල් 07යි..හැබැයි ලග්න 03ක අය දැඩි අවධානයෙන් ඉන්න..


නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ, මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බවයි.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මස 20 වනදා දක්වා කල්තැබීමට ද තීන්දු කර ඇත.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නිලුකා වෙල්ගමගේ උපදෙස් මත නීතිඥ දෙශාරා ගුණතිලක සමග නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා පෙනී සිටියහ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%