ලොව හොඳ ම විශ්වවිද්‍යාල දහස අතරට කොළඹ විශ්වවිද්‍යාලයත් ...

By Parami Dissanayake Jun 06, 2024 06:07 PM GMT
Report

ලෝකයේ විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව 2024 වසරේ කොළඹ විශ්වවිද්‍යාලය 951වැනි ස්ථානය ලබාගෙන තිබෙනවා.

එය ලොව හොඳම විශ්වවිද්‍යාල දහස අතරට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ පාසලකට ගාසාහිදී ඊශ්‍රායල ප්‍රහාරයක්..

එක්සත් ජාතීන්ගේ පාසලකට ගාසාහිදී ඊශ්‍රායල ප්‍රහාරයක්..

මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ, ගුරු - ශිෂ්‍ය අනුපාතය විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් ලෝකය පුරා කරනු ලැබූ පර්යේෂණ, ඔවුන් ජාත්‍යන්තර සඟරාදියෙහි පළකළ පර්යේෂණ ලිපි ප්‍රමාණ, ජාත්‍යන්තර කරණයට ලක් වීමේ ප්‍රතිශතය, ඇතුළු කරුණු 8ක් පාදක කරැගෙන ය.

මෙරට පැරණිතම විශ්වවිද්‍යාලය වන්නේත් , වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය වන්නේත් කොළඹ විශ්වවිද්‍යාලයයි.

පොලිසියේ දී මුදල් පසුම්බියක් සොරකම් කළ අඹු-සැමි යුවළක්‌ අත්අඩංගුවට...

පොලිසියේ දී මුදල් පසුම්බියක් සොරකම් කළ අඹු-සැමි යුවළක්‌ අත්අඩංගුවට...

කෙසේ වෙතත්, මෙලෙස වාර්තාගත කොළඹ විශ්වවිද්‍යාලය පහුගිය වසර කීපය තුළ දියත් කරන ලද තිරසර සංවර්ධන අභිමතාර්ථ වැඩපිළිවෙළ මෙම ජයග්‍රහණයට බෙහෙවින්හේ තු වූ බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.