මේ දරුවන්ට යුනිසෙෆ් එකෙන් ලොකු තෑග්ගක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් භාවිතා කිරීමට සූදානම් කළ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ඇසුරුම් 1500ක් යුනිසෙෆ් සංවිධානය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී භාර දී තිබෙනවා.

ඒ අනුව මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන්ගේ මන්දපෝෂණ (MAM) ගැටළු විසඳීම සඳහා සකස් කරන ලද විටමින් සහ ඛණිජ ලවණවලින් අනූන අතිරේක ශක්තිජනක පරිපූරක ආහාරයක් සේ භාවිතා කිරීමට හැකියාව ඇති බව සඳහන්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොගය නිල වශයෙන් භාර දීම යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ඒවා බ්‍රිගම් මහත්මිය විසින් සිදු විය.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ නුවර එළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල සහ කිලිනොච්චි ඇතුළු අවතැන් වූ පවුල් සිටින සහ මන්දපෝෂණයේ වැඩි අවදානමක් ඇති කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්ක 19 කට BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර යනු ශක්තිය සහ පෝෂණය වඩන ආහාරයක් වේ.

එය ධාන්‍ය සහ එළවළු ප්‍රෝටීන් මත පදනම් වන අතර ග්‍රෑම් 500 ක පැකට්ටුවකට බාර් 9 ක් බැගින්, හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති බවට මෙහිදී හදුන්වා දී තිබෙනවා.

එසේම අත්‍යවශය විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත්, එය සෘජුවම හෝ කැඳ ලෙසද අනුභව කළ හැකි ආහාරයක් බවත් මෙය ආපද අවස්ථාවන්හිදී හදිසි බෙදා හැරීම සඳහා ඉතා හොඳින් ගැළපෙන අමතර ආහාරයක් බවද සඳහන්.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

බැංකුවෙන් ණය ගත්තද? මහ බැංකුවෙන් සහනයක්

බැංකුවෙන් ණය ගත්තද? මහ බැංකුවෙන් සහනයක්