සබරගමුව කැළඹේ ..සරසවි සිසුහු හතක් හදිසියේ රෝහලට..සිද්ධියට එරෙහිව සරසවි සිසුන් වීදි බසී..

Sri Lanka Police Sabaragamuwa University Sri Lanka Hospitals in Sri Lanka
By Piyumika Dec 18, 2024 02:10 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසු සිසුවියන් 07 දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් සිසුවකු හදිසි අසනීප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරුකර යවා ඇති බව සමනල වැව පොලිසිය පවසයි.

කැම්පස් සිහිනය බොද වුනු ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

කැම්පස් සිහිනය බොද වුනු ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

විශ්වවිද්‍යාලයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් පමණ කල් ඉකුත් වී ඇති එන්නත් අද දහවල් ලබා දීම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වී තිබෙන බවට වාර්තා විය.

මෙම සිසුන් හට පිටගැස්මට ලබාදෙන එන්නත් වර්ගය ලබා දී ඇති බවත්; එම එන්නත් වර්ගය මාස දෙකක් පමණ කල් ඉකුත් වී ඇති බවත් හෙළි ව තිබෙනවා.

 මෙම විශ්වවිද්‍යාලයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ දී මීට පෙර ද ලබා දුන් ඖෂධ විෂ වීමක් හේතුවන් සිසුන් දෙදෙනකු සහ ආචාර්‍යවරයෙකු ද ජීවිතක්ෂයට පත් වූ බවයි ශිෂ්‍ය සංගමය චෝදනා කරන්නේ.

මේක ඉතාම අසීරු තත්ත්වයක්...ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිසියේ නිලධාරීන් විතරක් යොදවනවා.. (VIDEO)

මේක ඉතාම අසීරු තත්ත්වයක්...ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිසියේ නිලධාරීන් විතරක් යොදවනවා.. (VIDEO)

බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලීම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැමිණ අතර ඒ මහාතාගෙන් මේ සම්බන්දයෙන් කළ විමසීමකදී පැවැසුවේ, ඇති වී තිබෙන සිද්ධිය සම්බන්දයෙන් විශ්වවිද්‍යාලය තුලින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර මෙම සිදුවීමට එරෙහිව ඊයේ  (17) රාත්‍රියේ දී සරසවි සිසුන් වීදි බැස තිබෙනවා.

ඒ කෙතරම් පාලනාධිකාරිය දැනුම්වත් කළ ද, වෛද්‍ය මධ්‍යස්ථානයේ අර්බුද මෙතෙක් විසඳීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට චෝදනා කරමින්.

ඔවුන් පන්දම් දල්වා ගනිමින් සිය විරෝධතාවයේ නිරත වූ  බවයි වාර්තා වන්නේ.

You may like this video

ReeCha