පරම්පරා ගණනාවක් පැවත එන ශ්‍රී මහා බෝධි වත්පිළිවෙත් යුනෙස්කෝ ලෝක උරුමයක් කිරීමට සැරසෙයි

By Kanchana Sep 02, 2026 07:03 AM GMT
Report

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආශ්‍රිතව පරම්පරා ගණනාවක් පුරා පවත්වාගෙන එන පුද පූජා හා චාරිත්‍ර වාරිත්‍ර ලෝක අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ මහ ලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා සඳහන් කළේ, මෙම යෝජනාව ඉදිරියේදී යුනෙස්කෝ ලෝක උරුම කමිටුව විසින් සලකා බැලීමට නියමිත බවයි.

දේවානම්පියතිස්ස රජුගේ සමයේදී සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිතව විවිධ පුද පූජා සහ වත්පිළිවෙත් ආරම්භ වී තිබේ.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමඟ මෙරටට පැමිණි දහඅට කුලයක පිරිස් විසින් මෙම පුද සත්කාර සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වන අතර, එම පරම්පරාවලින් පැවත එන පිරිස් අද දක්වාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් එම චාරිත්‍ර හා පුද පූජා සිදුකරමින් සිටිති.

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, පරම්පරා ගණනාවක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එන මෙම සුවිශේෂී ආගමික හා සංස්කෘතික සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ වැදගත් අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස සැලකිය හැකි බවයි. ඒ අනුව, ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත පුද පූජා සහ වත්පිළිවෙත් ලෝක අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස නම් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙත නිල වශයෙන් යෝජනා කර තිබේ.