රජය වහා තීරණයක.. මාස 3ක් ඇතුළත ඉවත් කරන්න යන දෙය මෙන්න..
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බවයි.
ඊයේ (28) පස්වරුවේ දී පොළොන්නරුව මහවැලි සී කලාපයේ සිරිපුර ගම්මානයේ ගොවීන් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අතර හමුවක් පැවැත්විණ.
එහිදී මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය, වස්ගමුව සහ ජලගැලුම් නිම්නයට වනඅලීන්ට ගමන් කිරීමට පවතින හුංගමාලඔය අලි කොරිඩෝව ඇතුළත් කලාපය තුළ අනවසර වගා කටයුතු සිදුකිරීමක් සම්බන්ධව සාකච්ඡා සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා හුංගමාලඔය අලි කොරිඩෝව නිරීක්ෂණයට ද පැමිණ තිබෙනවා.
You May Like This Video👇
.