විදෙස්ගත වූ බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සැමියා දිවි තොර කර ගනී...

By Parami Dissanayake May 26, 2024 04:33 PM GMT
Report

විදෙස්ගතව සිටින බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි පියෙකුගේ සිරුර කිරම ඔයෙහි තිබී අද (26 වැනිදා) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසා සිටිනවා.

පෙදරේරුවකු ලෙස සේවය කළ මියගිය පුද්ගලයා මාතර හේවගේ පියතිලක නමැති 52 හැවිරිදි පස් දරු පියෙකි.

ඔහුගේ බිරිය වන ඩී.වී. නිලානි නමැත්තිය මීට මාස තුනකට පමණ ඉහතදී කුවේට් බලා පිටත්වගොස් ඇති අතර, එහි දී ඇයට රැකියාව කිරීමට අපහසු බව නිවැසියන්ට දන්වා තිබිණ.

කඩුළු 03ක් බිඳ වැට්ටූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ...

කඩුළු 03ක් බිඳ වැට්ටූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ...

ඇය නිවාස කිහිපයක සේවයට යොදවා තිබුණ ද එම නිවෙස්වල සේවය කිරීමටද අපහසු බව දන්වා තිබු බැවින්, සිය බිරිඳ නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ඇගේ සැමියා උත්සාහ කළද ඒ සඳහා ඒජන්සියෙන් රුපියල් ලක්ෂ පහමාරක් ඉල්ලූ බව දියණියෝ කියති.

එබැවින්, එම මුදල සොයාගැනීමට පියා දැඩිලෙස උත්සාහ කළ බවත් නිවෙස පිහිටි ඉඩම උකස් කිරීමට හෝ ණයක් ලබාගැනීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වූ බව ඔවුහු පවසන අතර, පියා මේ පිළිබඳව දැඩි සිත්තැවුලට පත්ව සිටි බව ද එම දියණියෝ කියති.

හෙට සිට 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම ඇරඹේ ...

හෙට සිට 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම ඇරඹේ ...

තංගල්ල වීරකැටිය මාර්ගයේ දංකැටිය ප්‍රදේශයේ පිහිටි කිරම ඔය හරහා ඉදිකර ඇති ඇනිකට් එකෙන් පුද්ගලයකු කිරම ඔයට වැටුණු බවට තංගල්ල මූලස්ථාන පොලිසියට ඊයේ (26 වැනිදා) දහවල් දුරකතන ඇමතුමක් ලැබී තිබු බැවින්, තංගල්ල මූලස්ථාන පොලිසිය සහ ප්‍රදේශවාසීන් පැමිණ අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු කළ අතර පස්වරු 3.45 ට පමණ සිරුර සොයාගැනීමට හැකි වී ඇත.

කිරම ඔයෙහි තිබී හමුවූ පුද්ගලයාගේ සිරුර සිය පියාගේ බවට මාතර හේවගේ පියතිලකගේ දියණියෝ හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.