හෙට සිට 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ ...
By Parami Dissanayake
හෙට (27) සිට 2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ , 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා හෙට (27) සිට ලබන ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බවයි.
එළඹෙන සැප්තැම්බර් 15 වන ඉරිදා දිනයේ දී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.