අද ලෝක මරණ දණ්ඩන විරෝධී දිනයයි - මරණ දඬුවම අහෝසි කරන්නැයි එක්සත් ජාතීන්ගෙන් දැඩි ඉල්ලීමක්

Report

මරණ දණ්ඩනයෙන් තොර ලෝකයක් බිහිකිරීමේ අවශ්‍යතාව යළි අවධාරණය කරමින් ලෝක මරණ දණ්ඩන විරෝධී දිනය අදට (10) යෙදී තිබෙනවා.

සෑම වසරකම ඔක්තෝබර් 10 වැනිදාට යෙදෙන මෙම දිනය මගින් යුක්තිය, මානව ගෞරවය සහ අපරාධ සඳහා දඬුවම් ලබාදීමේ ක්‍රමවේද පිළිබඳව ගෝලීය අවධානය යොමු කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ මරණ දණ්ඩනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම හෝ එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා ලොව පුරා රටවල් රැසක් පියවර ගෙන ඇති බවයි.

මරණ දණ්ඩනය අපරාධ වැළැක්වීමට හෝ වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටු කිරීමට අත්‍යවශ්‍ය විසඳුමක් නොවන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එය අහෝසි කිරීමේ වැදගත්කම ද අවධාරණය කරනවා.

මරණ දණ්ඩනය නීතියෙන් තවමත් ඉවත් කර නොමැති වුවද, එය ක්‍රියාත්මක නොකරන රටවල් ද ගෝලීය වශයෙන් දක්නට ලැබෙනවා

ලාඕසයේ දශක තුනකට වැඩි කාලයක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර නොමැති අතර, ලෙබනනය 2026 අගෝස්තු මාසයේදී මරණ දණ්ඩනය අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිම්බාබ්වේ 2024දී සහ ඝානාව 2023දී ද එම දඬුවම අහෝසි කළ රටවල් අතරට එක්වුණා.

සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?

සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?

කෙසේ වෙතත්, මරණ දණ්ඩනය අහෝසි කිරීමේ ගෝලීය ප්‍රවණතාව පවතින අතරතුර එය ක්‍රියාත්මක කිරීමේ ඉහළ යාමක් ද වාර්තා වී තිබෙනවා.

යුරෝපා සංගමය සහ යුරෝපා කවුන්සිලය 2026 ලෝක මරණ දණ්ඩන විරෝධී දිනය නිමිත්තෙන් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, 2025 වසරේ වාර්තා වූ මරණ දණ්ඩන ක්‍රියාත්මක කිරීම් සංඛ්‍යාව 2024 වසරට සාපේක්ෂව සියයට 78කින් ඉහළ ගොස් තිබෙනවා.

එම වසරේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ බවට වාර්තා වී ඇත්තේ රටවල් 17කින් පමණයි.

මරණ දණ්ඩනය වෙනුවට මානව හිමිකම්, පුනරුත්ථාපනය සහ සාධාරණ යුක්තිය මත පදනම් වූ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරෙනවා.

වැරදි තීන්දුවක් හේතුවෙන් ජීවිතයක් අහිමි වූ විට එය ආපසු හැරවිය නොහැකි බැවින්, මරණ දණ්ඩනය අහෝසි කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර සංවිධාන යළිත් පෙන්වා දෙනවා.

කොත්මලේ ගැරඩිඇල්ලේ නායයෑමක් - ජනතාව භීතියට පත් කරමින් කඳු මුදුනේ සිට පස් සහ ගල් ප්‍රධාන මාර්ගයට - පොලීසියෙන් දැනුම්දීමක්

කොත්මලේ ගැරඩිඇල්ලේ නායයෑමක් - ජනතාව භීතියට පත් කරමින් කඳු මුදුනේ සිට පස් සහ ගල් ප්‍රධාන මාර්ගයට - පොලීසියෙන් දැනුම්දීමක්