ආරක්ෂිත පියවරක් ලෙස උල්හිටිය ජලාශය වාන් දොරටු තුනක් විවර කරයි - ජනතාවට දැනුම්දීමක්

Report

උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් තත්පරයට ඝනමීටර් 21.0 බැගින් අද (13) දින දහවල් විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිලධාරි දීප්ත ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (12) සිට කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමඟ මහවැලි සී කලාපයේ වාරිජලය නිකුත් කිරිම කලාපයේ ඉල්ලීම මත අවම කිරීම සහ මාධුරුඔය ජලාශයට උපරිමව ජලය නිකුත් කිරිම සිදුකර ජලාශයේ ජල මට්ටම වැඩිවීම වළකා ගැනීමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ වාන් දොරටු විවෘත කර ඇත.

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කළේ මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතාගේ උපදෙස් මත මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් විවෘත කළ බවයි.

එමෙන්ම ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව භාවිතා කිරිමට මින් කිසිදු බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළා.

ඉදිරි පැය 24 තීරණාත්මකයි - දිස්ත්‍රික්ක දෙකක් අවදානම් ලැයිස්තුවේ

ඉදිරි පැය 24 තීරණාත්මකයි - දිස්ත්‍රික්ක දෙකක් අවදානම් ලැයිස්තුවේ

තවමත් මේ වන්දි නොලැබුණු අයට රජයෙන් දැනුම්දීමක් - ඉදිරි සති දෙකේදී

තවමත් මේ වන්දි නොලැබුණු අයට රජයෙන් දැනුම්දීමක් - ඉදිරි සති දෙකේදී