යුක්‍රේන ජනපති තනතුරු අතහැරීමට සැරසෙයි
By Gagana News
යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියි.
විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා 'ඒකාධිපති පාලකයෙකු 'ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා තිබේ.
යුක්‍රේනයට සාමය ගෙන එන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.