පොළොවෙත් කැළඹීමක් - ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
By Kaushi
ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එය එරට වේලාවෙන් අද පස්වරු 02.58ට පමණ හටගෙන ඇති බව සඳහන්.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බවයි.