වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම්
අද ඩිජිටල් යුගයේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත්, එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවත් වාර්තා වේ.
විශේෂයෙන් අන්තර්ජාලය හරහා දරුවන්ට එරෙහිව තර්ජන, බිය ගැන්වීම් සහ අනතුරුදායක හැසිරීම් ඉහළ යමින් පවතින බව දෙමාපිය පාර්ශවය විසින් අවධාරණය කර ඇත.
මෙම තත්ත්වය හමුවේ, එක්සත් රාජධානියේ එක්සත් රාජධානිරජයට දෙමාපියන් විසින් දැඩි නියාමන ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර, ඕස්ට්‍රේලියාව වැනි රටවල් දැනටමත් වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව එක්සත් රාජධානියේ අගමැති කෙයර් ස්ටාර්මර් දැඩි නියාමන තීරණයක් ගැනීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට හානිකර ලෙස සැලකිය හැකි සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සීමා කිරීම හෝ තහනම් කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල තාක්ෂණික සමාගම්වලට එරෙහිව කටයුතු කිරීමටද රජය පසුබට නොවන බව අගමැතිවරයා පවසා ඇති බවද සඳහන් වේ.