A/L සමත් වූ සිසුන්ගේ අවධානයට – විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය ගැන UGC නිවේදනය කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගත් සිසුන්ගේ ලියාපදිංචි කිරීම් මේ සතිය තුළ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර ඇත.
මෙවර කඩඉම් ලකුණු අනුව නව පාඨමාලා දෙකක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
භූගෝලීය තොරතුරු පද්ධති අධ්‍යයන පාඨමාලාව සිසුන් 50කගෙන් යුක්තව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත්, ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව අධ්‍යයන පාඨමාලාව සිසුන් 50 කගෙන් යුක්තව රුහුණ විශ්වවිද්‍යාලයේත් ආරම්භ කර තිබේ.
මෙම උසස් පෙළ විභාගයට සිසුන් 281,810ක් පෙනී සිටි අතර ඉන් 41,746ක් පාඨමාලා 130කට අධික සංඛ්‍යාවක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා තිබේ
ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් සිසුන් 9915ක් ද, භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් 7268ක් ද, වාණිජ්‍ය විෂය ධාරාවෙන් 8061ක් ද, කලා විෂය ධාරාවෙන් 11, 417ක් ද, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් 2483ක් ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් 1479ක් ද, වෙනත් විෂය ධාරාවලින් 1123ක් ද විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇත.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත සිසුන් 281,810 න් 176,570 විශ්වවිද්‍යාල ප්‍රවේශයට මූලික සුදුසුකම් ලැබූ අතර ඉන් 92,051 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කර තිබිණි.