උදය ගම්මන්පිල නඩුව යළි කැඳවයි

Report

කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනු කර ඇති ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතයෙන් රුපියල් මිලියන 20ක සමාගම් කොටස් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ නඩුව යළිත් මාර්තු 27 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නඩුව යළිත් මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙස නියෝග කළාය. මෙම නඩුව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් ගොනු කරන ලද්දකි.

චෝදනාවට අනුව, 1996 සැප්තැම්බර් 26 සිට 1997 සැප්තැම්බර් 25 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කරමින් විකිණීම තුළින් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවටය.

මැදපෙරදිග යුද්ධය හමුවේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට විශේෂ කමිටු තුනක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට විශේෂ කමිටු තුනක්

මේ පැතිවලට අනතුරු නිවේදන - ජනතාව ප්‍රවේශම් වෙන්න

මේ පැතිවලට අනතුරු නිවේදන - ජනතාව ප්‍රවේශම් වෙන්න