මැදපෙරදිග යුද්ධය හමුවේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට විශේෂ කමිටු තුනක්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආර්ථික හා බලශක්ති අභියෝග කළමනාකරණය කිරීම සඳහා විශේෂ කමිටු තුනක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (17) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ප්‍රකාශ කළාය.
ඇය මෙසේ සඳහන් කළාය: “අපේ පාලනයෙන් පිට සිදුවන දේවල් නිසා අපේ ආර්ථිකයටත් බලශක්ති ක්ෂේත්රයටත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.
මේක පැයෙන් පැය වෙනස් වෙන තත්ත්වයක්. අපේ පාලනයෙන් පිට වෙන දෙයක් නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ චලනයන් හඳුනා ගන්න. ඒ චලනයන් හරහා අපිට වෙන බලපෑම කළමනාකරණය කරන එක තමයි අපේ වගකීම.
අර්චුනා මන්ත්‍රීවරුන්ට වැඩි ඉන්ධන ඉල්ලයි අර්චුනා ඒ සඳහා අපි පියවර අරන් තියෙනවා. ඊයේ කැබිනට් එක අනුමත කළා ඒ සඳහා විශේෂ කමිටු තුනක් පත් කරන්න.
” එම කමිටු තුන මෙසේය:
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයුම් කළමනාකරණ කමිටුව – ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නොකඩවා ලබාදීම සහතික කිරීම.
රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ කමිටුව – රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය හා සේවා කළමනාකරණය සඳහා.
බලශක්ති අවශ්‍යතා කළමනාකරණ කමිටුව – ඉන්ධන, විදුලිය ඇතුළු බලශක්ති අවශ්‍යතා සපුරාලීම හා බලපෑම් අවම කිරීම.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය ඉතා චංචල බැවින් සියලුම අංශවලින් තත්‍ය කාලීන තොරතුරු ලබාගෙන ඒ අනුව ඉක්මන් හා ඵලදායී තීරණ ගැනීමට කමිටු ක්‍රියා කරන බවයි.