හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගේ පෙත්සමකටත් දින
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මඟින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම වෙනුවෙන් එළඹෙන 24 වන දිනට කැදවන මෙන් අභියාචනාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
එසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉකුත්දා මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නැති බවට අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.
