අගමැතිනි හරිනිට බේරුමක් නැහැ වගේ - දේශපාලන ප්‍රබලයන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවේ දැක්ම රටට පටහැනි බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා රටට ආදරය නොකරන පරපුරක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත්ය.
අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව පැවසූ අතර මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්.පිරීස්, ප්‍රසන්න රණතුංග සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද එක්ව සිටියහ.
මීට අමතරව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල ද අද මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දුටුවේය.