මේ වීසාවලට දීලා තිබුණු විශේෂ සහන කාලය අදින් අවසන් - රටින් පිටවීම අනිවාර්ය බව දන්වයි

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සංචාරක වීසා බලපත්‍රලාභීන් වෙනුවෙන් ලබා දී තිබූ විශේෂ සහන කාලය අදින් (ජූලි 09) අවසන් වීමට නියමිත‍යි.

ඒ අනුව කලාපීය ගුවන් ගමන් අඩාල වීමෙන් එරට සිරවී සිටි සංචාරකයින්ට සහනයක් සැලසීමේ අරමුණින් මෙම විශේෂ කාලසීමාව හඳුන්වා දී තිබුණා.

ඒ ඔස්සේ ඔවුන්ට සිය වීසා තත්ත්වය නීත්‍යානුකූල කර ගැනීමට අමතර කාලයක් හිමි වුණා.

ඉකුත් මාසයේදී අනන්‍යතාව, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අධිකාරිය මඟින් මෙම දින 30ක සහන කාලය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව කලාපීය ගුවන් කලාප වැසී යාම සහ ගුවන් ගමන් අවලංගු වීම නිසා එරටින් පිටව යාමට නොහැකි වූ සහ ඒ හේතුවෙන් වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ දඩ මුදල්වලින් තාවකාලික නිදහසක් ලැබූ පුද්ගලයින් ජූලි 09 වැනිදාට පෙර එනම් අද දිනට පෙර සිය වීසා ගැටලු විසඳා ගැනීම හෝ රටින් පිටවීම අනිවාර්ය වේ.

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

මේ අතර සංචාරක නියෝජිතයෝ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට මුහුණ දී සිටින සංචාරකයින් සඳහා ප්‍රධාන විකල්ප කිහිපයක් පවතින බවයි.

එම විකල්පයන් ලෙස, සුදුසුකම් සපුරන්නේ නම් සිය සංචාරක වීසා තත්ත්වය නීත්‍යානුකූල කර ගැනීම, රැකියාවක් ලබාගෙන ඇත්නම් ඊට අදාළ වීසා ක්‍රියාපටිපාටි කඩිනමින් සම්පූර්ණ කිරීම හෝ ලබා දී ඇති කාලසීමාව අවසන් වීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීම පෙන්වා දෙයි.

ඒ අනුව සමහර පුද්ගලයින් දැනටමත් රටින් පිටව ගොස් ඇති අතර, තවත් පිරිසක් සිය රැකියා අරමුණු කරගත් වීසා වෙනස් කිරීමේ ක්‍රියාවලීන් අවසන් කරමින් සිටින බව ද සඳහන්.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

කෙසේ වුවද විශේෂඥයෝ අවධාරණය කරන්නේ මෙම විශේෂ සහනය සාමාන්‍ය නේවාසික වීසා සහන කාලය සමඟ පටලවා නොගත යුතු බවයි. එමෙන්ම කල් ඉකුත් වූ හෝ අවලංගු කරන ලද නේවාසික වීසා ඇති පුද්ගලයින්ට මෙම සහනය අදාළ නොවන බව සඳහන්.

එම නිසා, අදාළ සහන කාලය භුක්ති විඳින සියලුම සංචාරකයින් අවසන් මොහොත දක්වා නොසිට, හැකි ඉක්මනින් Amer මධ්‍යස්ථානයක් හෝ අදාළ ආගමන බලධාරීන් ඔස්සේ සිය වීසා තත්ත්වය පරීක්ෂා කර බලා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම අතිශයින් වැදගත් බව දන්වයි.

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්