එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්

Report

ඕමාන් මුහුදු සීමාවේ පිහිටි හෝමුස් සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකා දෙකකට ඉරානය විසින් එල්ල කරන ලද කෲස් මිසයිල ප්‍රහාර හේතුවෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනෙකු (08) බරපතළ තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරයි.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ 'මොම්බාසා' සහ 'අල් බහියා'යන නෞකා දෙක වන අතර, මියගිය ඉන්දීය ජාතිකයා මොම්බාසා නෞකාවේ සේවය කළ අයෙකු බව සඳහන් වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් සමඟ අද මේ ප්‍රදේශවලට තද සුළං

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් සමඟ අද මේ ප්‍රදේශවලට තද සුළං

තුවාල ලැබූ අටදෙනා අතුරින් හතරදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය බරපතළ මට්ටමක පවතින අතර, තුවාලකරුවන් අතර ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු (06) සහ යුක්රේන ජාතිකයින් දෙදෙනෙකු (02) වන බව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කළේය. මිසයිල ප්‍රහාර වැදීමත් සමඟ නෞකා දෙකෙහිම ක්ෂණිකව දැවැන්ත ගින්නක් හටගෙන ඇති අතර, ඉන් යාත්‍රාවලට දැඩි ලෙස හානි සිදුව තිබේ.

මෙම මිලේච්ඡ ක්‍රියාව "නිර්ලජ්ජිත ප්‍රහාරයක්" ලෙස දැඩිව හෙළා දකින බව ප්‍රකාශ කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තමන්ට එල්ල වූ මෙම ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තර නීතියට අනුකූලව ප්‍රතිචාර දැක්වීමේ සම්පූර්ණ අයිතිය සතු බව අවධාරණය කළේය.

අද දවස සුබ කරගන්න දවස පටන් ගන්න කලින් ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

අද දවස සුබ කරගන්න දවස පටන් ගන්න කලින් ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

තම රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයකට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක පියවර ගැනීමට පසුබට නොවන බවත්, ඕනෑම ආකාරයක බාහිර තර්ජනයකට මුහුණ දීම සඳහා තම සන්නද්ධ බලකායන් පූර්ණ සූදානමකින් පසුවන බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටී.