රට පුරා ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට අද විශේෂ වෙයි..උදේ 9.00ට කළ යුතු දේ.

Report

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර, පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බවයි.

රට පුරා හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ වලට ජනපති බලය පවරයි..මේ දින ගැන අවධානයෙන් ඉන්න.

රට පුරා හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ වලට ජනපති බලය පවරයි..මේ දින ගැන අවධානයෙන් ඉන්න.


කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී නොමැති බවයි.

අද චන්ද්‍රයාගේ බලපෑම අනුව ඔබේ ලග්නයට කොහොමද..සියලු පලාඵල විස්තර මෙතනින් දැනගන්න.

අද චන්ද්‍රයාගේ බලපෑම අනුව ඔබේ ලග්නයට කොහොමද..සියලු පලාඵල විස්තර මෙතනින් දැනගන්න.


ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර සහ විභාගය අවසන් වීමෙන් පසුව ද දරුවන්ගේ මානසික මට්ටම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ප්‍රකාශ කළේ.