ඝාතන තැතක්ද ..? බලන්න නාමල්ගේ රැස්වීමට අරන් ඇවිත් තියන දේ..

Sri Lanka Police Namal Rajapaksa srilankapresidentialelection2024 sriLankaelectionupdates
By Piyumika Sep 08, 2024 02:46 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්ලෝව පොලිසිය පවසයි.

''රට ගොඩනගන්නේ කෙසේද'' පැනයට අනිත් අපේක්‍ෂකයන්ට පිළිතුරක් නැද්ද ..ජනාධිපති අපේක්ෂක විවාදයේ සිදුවූ දේ..(VIDEO)

''රට ගොඩනගන්නේ කෙසේද'' පැනයට අනිත් අපේක්‍ෂකයන්ට පිළිතුරක් නැද්ද ..ජනාධිපති අපේක්ෂක විවාදයේ සිදුවූ දේ..(VIDEO)

ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරින්ද කැදවා තිබුණි.

එම රැස්විම පැවැත්වෙන අතරතුරදි ඌව පරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු හා විශ්ව විද්‍යාල සිසුවකු රැව්ම් ශාලාවට ඇතුළු විමට උත්සහා දැරිමේදි එහි සිට් අඹගස්ලෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ.

අඹු සැමි ආරවුල් දෙකක් - පොරව පහරකින් සහ පොලු පහරකින් නිමා වූ හැටි..

අඹු සැමි ආරවුල් දෙකක් - පොරව පහරකින් සහ පොලු පහරකින් නිමා වූ හැටි..

එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබි හමුවිමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්ලෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස් . රත්නායක මහතා පවසයි.

තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දීමට මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසු බවත් වැලිමඩ පොලිසිය පවසයි.