පෙරහැර වීදී සංචාරය කරන ඩි.එස්.සේනානායක වීදියේ වෙළෙඳසැල් දෙකකින් රිවෝල්වර් දෙකක්..
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙන ඩී. එස්. සේනානායක වීදියේ පෞරාණික භාණ්ඩ අලෙවිසැල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ කඩුවක් සොයා ගැනීමට විශේෂ කාර්‍ය බලකාය ඊයේ (11) පස්වරුවේ සමත් වී තිබුණි .
ඒ ඇසළ පෙරහරේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක මෙහෙයුම අතරතුරදී ය.
එහිදී මෙම ගිනිඅවි සහ ආයුධ සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අදාල අලෙවිසැල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ .
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම රිවෝල්වර කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ මිස ක්‍රියාත්මක තත්ත්වයේ ඇති ගිනි අවි නොවන බවට විමර්ශනවලදී තහවුරු කරගත් බවය.