අධිකරණයට ඉදිරිපත් නොකිරීමට අල්ලස් ගත් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී..

Report

යතුරු පැදිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් කිළිනොච්චිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය ඊයේ (4) සිට අත්හිටුවීමට කිළිනොච්චිය පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබේ.

උත්සවයකට හදිසියේ පොලිසියෙන් ආපු හේතුව මෙන්න ..

උත්සවයකට හදිසියේ පොලිසියෙන් ආපු හේතුව මෙන්න ..

යතුරු පැදියේ ලියකියවිලි වල අඩුපාඩු තිබූ නිසා ඔහුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම පිණිස මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බවයි පැවසෙනුයේ.

යතුරු පැදිකරු මේ පිළිබදව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු මගින් මූලික විභාගයක් සිදු කර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය මෙසේ අත්හිටුවීමට කටයුතු කර තිබේ .

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු නැවත අධිකරණයට ඉදිරිපත් කරන්න විවෘත වරෙන්තුවක්..

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු නැවත අධිකරණයට ඉදිරිපත් කරන්න විවෘත වරෙන්තුවක්..

මෙම නිලධාරීන් දෙදෙනා හා ඔවුන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙසද පොලිස් අධිකාරීවරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන සහකාර පොලිස් අධිකාරීවරයාට දැණුම් දී ඇත .