උත්සවයකට හදිසියේ පොලිසියෙන් ආපු හේතුව මෙන්න ..
මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත NPP කතාව සහ JVP ක්‍රියාව නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයක් බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (04) පැවැත්වීමට නියමිතව තිබුණි.
එම ස්ථානයට ආරාධිත දේශකයින්ද පැමිණ සිටි පසුබිමක බොරැල්ල පොලීසියේ නිලධාරීන් එහි පැමිණියේ මැතිවරණ කොමිසමේ දැනුම්දීමකට අනුවය.
පසුව පොලිස් නිලධාරීන්ගේ ද අධීක්ෂණය යටතේ උත්සවය නොපවත්වා ග්‍රන්ථය එළිදැක්වීම පමණක් සිදුකෙරුණි.