මාරක අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකුට මාරු කැදවේ
තංගල්ලේ සහ විල්ගමුවේ සිදුවු රිය අනතුරු දෙකකින් තරුණයෙකුට සහ කාන්තාවකට දිවි අහිමි වේ තිබේ.
තංගල්ල පොලිස් වසමේ දකුණු කුඩාවැල්ල මාවැල්ල මාර්ගයේ කුඩාවැල්ල ප්‍රදේශයේදී මාවැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
අවරුදු 19 ක් වයසැති මෙම පුදගලය අනතුරින් බරපතල් තුවාල ලබා මියගොස් ඇති අතර මොහු දකුණු කුඩා වැල්ල නකුලුගම කුඩාවැල්ල ප්‍රදේශය ආශිත පදින්ච්චි අයෙකි. මෘත ශරීරය නාකුළුගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, විල්ගමුව පොලිස් වසමේ විල්ගමුව හසලක මාර්ගයේ බත්ගම්පල ප්‍රදේශයේදී හසලක දෙසට ධාවනය වූ කාර් රථයක කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 62 ක් වූ බත්ගම්පල, විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වයස අවුරුදු 26 ක් වන කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
