විෂ වායු කාන්දුවකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට...

By Parami Dissanayake Aug 13, 2024 04:46 PM GMT
Report

මාලඹේ ජයන්ති මාවතේ නිවසක් තුළ දී විෂ වායුවක් කාන්දුවීමෙන් වයස අවුරුදු 65ක සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඉන්දීය විදේශ ලේකම් ඇමෙරිකාවේ ඉන්දීය තානාපති ධුරයට...

ඉන්දීය විදේශ ලේකම් ඇමෙරිකාවේ ඉන්දීය තානාපති ධුරයට...

මෙලෙස මියගිය පුද්ගලයන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍යයන් කිහිපයක් කලවම් කිරීමට යාමේදී ඇතිවූ විෂ දුමක් කාන්දු වීම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකිව මෙලෙස මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

වැඩි දුරටත් පොලිසිය සඳහන් කර සිටියේ, නිවසේ තිබෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවත් නිවස තුළ අදාළ විෂ වායුව තවමත් තිබෙන බැවින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නිවස තුළට යෑමේ අපහසුතාවයක් ඇති බවත් ය.

රත්‍රං බිස්කට් තොගයක් කටුනායකින් අත්අඩංගුවට...

රත්‍රං බිස්කට් තොගයක් කටුනායකින් අත්අඩංගුවට...

කෙසේ වෙතත්, මියගිය දෙදෙනාගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව මාලඹේ පොලිසිය පැවසීය.