තොරණක් කඩා වැටී මරදගහමුල දෙදෙනෙක් රෝහලේ...

Report

 අද (22) දහවල් ඇති වූ සැඩ සුළඟක් හේතුවෙන් මරදගහමුල නගරයේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව දිවුලපිටිය පොලිසිය පවසනවා.

ඒ අවස්ථාවේ තොරණේ කටයුතුවල යෙදී සිට ඇති පුද්ගලයින් 5 දෙනෙකු අතරින් පුද්ගලයින් දෙදෙනෙකු පමණක් එහි ඉහළට නැග තොරණ සකස් කිරීමේ කටයුතුවල යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ සුළඟත් සමඟ තොරණ කඩා වැටී ඇත.

සිංගප්පූරු ගුවන් සේවය විසින් මාරාන්තික ගුවන් ගමන ගැන සමාව අයදියි... (VIDEO)

සිංගප්පූරු ගුවන් සේවය විසින් මාරාන්තික ගුවන් ගමන ගැන සමාව අයදියි... (VIDEO)

එහි දී, මුදුනේ සිටි එක් පුද්ගලයකු බිමට පැන ඇති අතර අනෙකා තොරණත් සමඟම බිමට පාත් වී ඇති අතර, දෙදෙනාම සුළු තුවාල ලැබීමෙන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කරනවා.

කෙසේ වෙතත්, අද (22) පස්වරු වන විට තොරණ යළි සකස් කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.