සිංගප්පූරු ගුවන් සේවය විසින් මාරාන්තික ගුවන් ගමන ගැන සමාව අයදියි... (VIDEO)

By Parami Dissanayake May 22, 2024 11:25 AM GMT
Report

 ඊයේ (21) ලන්ඩනයේ සිට සිංගප්පූරුව දක්වා වූ SQ321 ගුවන් යානය මුහුණ දුන් මාරාන්තික ගුවන් ගමන් අනතුර හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීම පිළිබඳව සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලා තිබේ.

එහි සිටි අය මුහුණ දුන් මාරාන්තික අත්දැකීම ගැන අතිශයින්ම කණගාටුවට පත්වන බව සිංගප්පූරු ගුවන් සේවයේ සභපති වූ Goh Choon Phong විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහි දී, විපතට පත් වූ අයගේ පවුලේ අයට සිය ශෝකය ප්‍රකාශ කළ ඔහු, විපතට පත් මගීන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හැකි සෑම සහයක්ම ලබා දෙන බව කියා සිටියේ ය.

ඒ අනුව, තායිලන්තයේ බැංකොක් අගනුවරට හදිසි ගොඩබෑමක් කිරීමට එම ගුවන් යානයට සිදු වූ අතර, මගීන් 79 ක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් තවමත් බැංකොක් හි සිටින බවත් ඔවුන් තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වැස්සෙන් හේදෙන කොළඹ වෙසක් මැද වෙසක් කූඩු අතරේ දියවෙන ජිවිත... (VIDEO)

වැස්සෙන් හේදෙන කොළඹ වෙසක් මැද වෙසක් කූඩු අතරේ දියවෙන ජිවිත... (VIDEO)

අද (22) අලුයම සිංගප්පූරුවට ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැගත් සහන ගුවන් යානයක් ළඟා විය.

වැඩිදුරටත් සඳහන් වන්නේ, මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිටි ගුවන් යානය දැඩි කැළඹීමකට ලක් වූ අතර මිනිත්තු තුනකින් අඩි 6,000ට වඩා පහතට ඇද වැටුණු බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන Geoff Kitchen ගුවන් ගමන අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය බවයි. කෙසේ වෙතත් , ඒ අතර තවත් කිහිප දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් වාර්තා වේ.