තැන් දෙකක තියුණු ආයුධ වලින් සිදු කෙරුන ඝාතන දෙකක්..

By Piyumika Aug 07, 2024 03:17 AM GMT
Report

එරාවුර් පොලිස් වසමේ මිච්චිනගර් ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය .

ඊයේ (06) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 52ක් වූ මිච්චිනගර්, එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජනාධිපතිවරණයට මේවා පාවිච්චි කරන්න බෑ..මැතිවරණ කොමසාරිස් දැනුම් දේ..

ජනාධිපතිවරණයට මේවා පාවිච්චි කරන්න බෑ..මැතිවරණ කොමසාරිස් දැනුම් දේ..

මේ අතරම ඊයේ දහවල් කාලයේ හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේ දී ද පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 31ක් වූ නැව්ගල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතන සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වති.