22 වන ව්‍යවස්ථා සංශෝධනයට හිස නමමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියට අනුව ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු නොකර පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න

අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න