මාස දෙකේ බිළිදාගේ මරුවා..
By Piyumika
ඕමන්ත, පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් මාස දෙකක් වයසැති බිළිදෙකු මියගොස් ඇතැයි පොලීසිය සදහන් කරයි.
ඊයේ(09) සවස් කාලයේදී නිවසේ සාලයෙහි බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් බිලිඳාගේ සිරුර මතට කඩා වැටී ඇති අතර තුවාල ලැබූ බිළිඳා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි ඕමන්ත පොලීසිය වාර්තා කරනුයේ .
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .