ප්‍රධාන YouTube නාලිකා දෙකක් තහනම් කෙරේ - මෙන්න හේතුව
ජනප්‍රිය YouTube නාලිකා දෙකක් වන ඉන්දියාවේ Screen Culture සහ ඇමෙරිකාවේ KH Studio, AI මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ චිත්‍රපට ප්‍රචාරය කිරීම හේතුවෙන් ප්‍රේක්ෂකයින් නොමග යැවීමේ චෝදනාව මත ස්ථිරවම තහනම් කිරීමට YouTube පියවර ගෙන තිබේ.
මෙම නාලිකා දෙකේ Subscribers මිලියන දෙකට අධික අතර, වීඩියෝ බැලීම් ගණන බිලියනයකට වඩා වැඩිය. නාලිකා හිමිකරුවන් AI මගින් නිර්මාණය කරන ලද දර්ශන සහ සැබෑ චිත්‍රපට දර්ශන එකතු කර, නිල ප්‍රචාරක පට ලෙස පෙන්වමින් වීඩියෝ පළ කර තිබුණි.
මුල් පියවරක් ලෙස YouTube විසින් “Fan-made” ලේබලයක් සහ මුදල් උපයාගන්නා හැකියාව අත්හිටුවන පියවර ගත් අතර, නියෝග නොපිළිපැදීම හේතුවෙන් නාලිකා දෙක සම්පූර්ණයෙන්ම තහනම් කර දමා ඇත.
YouTube ආයතනය, AI මගින් නිර්මාණය කරන තොරතුරු හරහා ව්‍යාජ තොරතුරු පැතිරීම අවම කිරීම සඳහා ඉදිරියේදී දැඩි නීතිමය පද්ධතියක් හඳුන්වා දීමට සූදානම් වන බව වාර්තා වේ.